සුඩාන යුද ගැටුම් හේතුවෙන් මිලියනයකට අධික සංඛ්‍යාවක් අවතැන්
Related Articles
සුඩාන යුද ගැටුම් හේතුවෙන් මිලියන එකයි දශම 4කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව සිටින බව ජගත් සංවිධානය පවසනවා.
සුඩාන හමුදාව හා කැරළි කණ්ඩායම් අතර පසුගිය අප්‍රේල් මාසයේ දී ගැටුම් ආරම්භ වුණා. මේ වනවිට දෙපාර්ශ්වය අතර ගැටුම් උග්‍රඅතට හැරී ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.
ගැටුම් හේතුවෙන් සාමාන්‍ය ජනතාව තම පදිංචි ප්‍රදේශ අතහැර සුඩානයේ වෙනත් ප්‍රදේශවලට හෝ අසල්වැසි රටවලට පළායන බවද සඳහන්.
පසුගිය අප්‍රේල් 15 වනදින සිට මැයි 23 වන දින දක්වා යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ සංඛ්‍යාව මිලියනයක් ලෙස සටහන් වූ අතර මැයි 26 වන දිනවිට එය මිලියන 1.3 ඉක්මවා ගියා.
එමෙන්ම දකුණු සුඩානය / එරිට්‍රියාව හා සිරියාව වැනි ගැටුම් පවතින රටවලින් පැමිණි සරණාගතයින් මිලියන ගණනක් ද සුඩානයේ ජීවත් වනවා.