වෙනිසියුලා ජනාධිපති නිකලොස් මදුරෝ බ්‍රසීල සංචාරයක
Related Articles
2015 වසරෙන් පසු පළමුවරට වෙනිසියුලා ජනාධිපති නිකලොස් මදුරෝ බ්‍රසීල සංචාරයක නිරත වනවා.
2019 වසරේ දී එවකට බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සනාරෝ වෙනිසියුලා ජනාධිපතිවරයාට බ්‍රසීලයට ඇතුළුවීම තහනම් කළා.
ලූලා ද සිල්වා ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් අනතුරුව එම තහනම ඉවත් කිරීමටයි පියවර ගත්තේ.
ලතින් ඇමෙරිකානු රටවල රාජ්‍ය නායකයින්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් බ්‍රසීලයේදී පැවැත්වීමට නියමිත අතර එයට සහභාගිවීම සඳහා වෙනිසියුලා ජනාධිපතිවරයා මෙලෙස බ්‍රසීලයට පැමිණ තිබෙනවා.
ඔහුගේ සංචාරයත් සමග බ්‍රසීල වෙනිසියුලා ද්වීපාර්ශ්වික සබදතා නව යුගයකට එළඹි බවයි ලූලා ද සිල්වා සදහන් කරන්නේ.