fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීගොඩ ගෘහ භාණ්ඩ නිෂ්පාදන අලෙවිසැලෙහි ගින්න මැඩපවත්වයි

hasiniek
By hasiniek මැයි 30, 2023 14:35

මීගොඩ ගෘහ භාණ්ඩ නිෂ්පාදන අලෙවිසැලෙහි ගින්න මැඩපවත්වයි

මීගොඩ නඩුහේන හංදිය ආසන්නයේ පවත්වාගෙන ගිය ගෘහ භාණ්ඩ නිෂ්පාදන අලෙවිහලක අද උදෑසන ඇති වූ ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම මැඩ පැවැත්වීමට ගිනි නිවන හමුදාව සමත් වී තිබෙනවා.

අද උදෑසන ඇති වූ ගින්නෙන් වෙළද මධ්‍යස්ථානය සම්පුර්ණයෙන්ම දැවී ගොස් තිබුණා.

මීගොඩ පොලිසිය හා අසල්වාසීන්ගේ මැදිහත් වීමට යටතේ එහි තිබු ගෘහ භාණ්ඩ රැසක් මාර්ගයට දමා ඉවත් කර ගැනීමට හැකි වූවත් මධ්‍යස්ථානය දැඩි අලාභ හානි සිදුව තිබුණා.

අද උදෑසන මාර්ගය දෙපසට දැව භාණ්ඩ ගොඩ ගැනීම හේතුවෙන් රථ වාහන තදබදයක් ද පැවතුණා.

මීගොඩ පොලිසිය දැනුම් දීම මත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා.

පනාගොඩ යුද හමුදා කදවුර ද / විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ද ගින්න මැඩ පැවැත්වීමට සහයෝගය ලබාදුන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

hasiniek
By hasiniek මැයි 30, 2023 14:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්