fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙලරූස් ජනාධිපති රෝහල් ගත කරයි

hasiniek
By hasiniek මැයි 30, 2023 14:27

බෙලරූස් ජනාධිපති රෝහල් ගත කරයි

බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකාෂෙන්කෝ හදිසියේ රෝගා තුර වීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මොස්කව් අගනුවර දී හමු වී ටික වේලාවකට පසු මෙලෙස රෝහල් ගත කර ඇති බවයි බෙලරූස් විපක්ෂ නායකයා මාධ්‍යට සදහන් කර ඇත්තේ.

ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ ජනාධිපති පුටින්ගේ අතිශය සමීපතමයෙකු ලෙස ද සැලකෙනවා.

පසුගිය සති කිහිපයක කාලයක සිට බෙලරූස් නායකයා රෝගා තුර වු බවටයි වාර්තා පළ වුණේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අතිශයින් දුර්වල මට්ටමක පවතින බවට පසුගිය සතියේ දී වාර්තා පළ වුව ද මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ලූකාෂෙන්කෝ සදහන් කර සිටියේ තමා ඉක්මනින් මිය නොයන බවයි.

කෙසේ වුව ද මෙවර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මේ වන තෙක් නිළ වාර්තා පළ කර නැහැ.

 

 

 

hasiniek
By hasiniek මැයි 30, 2023 14:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්