fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බාලදක්ෂ සංගමයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor මැයි 30, 2023 12:34

බාලදක්ෂ සංගමයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ මහ සභා රැස්වීම පසුගියදා ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

ත්‍යාග ප්‍රදානෝත්සවය සහ මහසභා රැස්වීම පැවැත්වුණේ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. 2022 වසරේ ජාතික මට්ටමේ බාලදක්ෂ තරගවලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය හා සහතික පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ශ්‍රීනාත් ගුණරත්න,  රත්නසිරි පෙරේරා,  සාදික් අමීන්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනිත් ප්‍රනාන්දු, යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජිතයන් රැසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 30, 2023 12:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්