තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා සෘජු ගුවන් සේවා ලබන අගෝස්තු මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ගුවන් සේවා ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රීලංකාවේ තුර්කි තානාපතිනි ඩිමෙට් ශෙකිර්ජිඕලු හා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්ම මහත්මීන් අතර පැවැත්වුණා. එම අවස්ථාවට තුර්කි ගුවන්සේවා සමාගමේ දකුණු ආසියානු කාර්යාලයේ ප්‍රධානී ෆාති බොස්කට් මහතාද එක්ව සිටියා. තුර්කි ගුවන් සේවාවන් දැනට මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක බවත් එහිදී පැය එකහමාරක පමණ අමතර කාලයක් වැය කිරීමට සිදුවන බවත් මේ සම්බන්ධයෙන් සංචාරකයින් එතරම් කැමැත්තක් නොදක්වන බවත් තුර්කි තානාපතිවරිය මෙහිදී පෙන්වා දුන්නා. තුර්කි සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට වැඩි කැමැත්තක් දක්වන අතර මෙම සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට ඉඩකඩ ලබාදෙන ලෙස තුර්කි ගුවන් සේවා සමාගමේ ප්‍රධානියා මෙහිදී ඉල්ලා සිටියා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී සදහන් කළේ එම ඉල්ලීම මෙරට සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල්වරයා හා ගුවන් සේවා සමාගමට යොමු කර අගෝස්තු මාසය වන විට ගුවන් ගමන් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවයි.