ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබෙනවා. ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව මෙම සංශෝධනය ද සිදුකිරීමට සැළසුම් කර ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.
ඒ අනුව ලියාපදිංචි කුලී ත්‍රි රෝද සදහා සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 22 දක්වා ඉහළ නැංවෙනවා. එමෙන්ම යතුරුපැදි සදහා මෙතෙක් පැවති ඉන්ධන ලීටර් 7 ලීටර් 14 දක්වා ඉහළ නැංවෙනු ඇති. මොටර් රථ සදහා මෙතෙක් ලබාදුන්නේ ලීටර් 30ක ඉන්ධන කෝටාවක් වන අතර එය 40 දක්වා වැඩි වෙනවා. බස් රථ සදහා මෙතෙක් ලබාදුන් ලීටර් 60 ලීටර් 125 දක්වා ඉහළ නැංවෙන අතර වෑන් රථ සදහා ද ඉන්ධන කෝටාව ලීටර් 40 දක්වා ඉහළ නැංවීමටයි කටයුතු කර ඇත්තේ.