ආගමික අසමගිය ඇති කිරීමට කිසිවෙකුටත් කිසිඳු ඉඩක් ලබා දෙන්නේ නැහැ
Related Articles
ආගමික අසමගිය ඇති කිරීමට කිසිවෙකුටත් කිසිඳු ඉඩක් ලබා දෙන්නේ නැති බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරනවා. එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.
ආගමික ආරවුල් ඇති කරමින් සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් විවිධ අරමුණු සහිත පිරිස් කටයුතු කරමින් සිටිනවා. ඒ පිළිබද අවධානය යොමු කරන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ ආර්ථික අර්බුදයෙන් මිදිමේ තීරණාත්මක අවස්ථාවේ තවත් අර්බුද නිර්මාණය කිරීමට ඇතැමුන් උත්සහ කරන බවයි. යහපත් සමාජයක් සදහා වන ගමනේ දී ආගමික සහජීවනය වැදගත් වනවා. යම් පුද්ගලයෙකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එම ස්ථාවරය බිද දැමීමට පටු චේතනාවකින් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කරනවා.