fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

5 වැනි වරටත් IPL ශුරතාවය චෙන්නායි කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor මැයි 30, 2023 08:20

5 වැනි වරටත් IPL ශුරතාවය චෙන්නායි කණ්ඩායමට

ඉන්දීය ප්‍රමියර්ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේදී තියුණු සටනකින් පසු ශූරතාව හිමි කර ගැනීමට චෙන්නායි සුපර්කින්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු පහකින් පරාජයට පත් කරමින්.

ඉන්දීය ප්‍රමියර්ලීග් තරගාවලියේ මෙවර අවසන් මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. කාසියේ වාසිය දිනා චෙන්නායි නායක මහේන්ද්‍ර සිංද්‍රෝනි පළමුව පන්දුවට පහරදීමට ගුජරාට් කණ්ඩායමට ආරාධනා කළා. පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක සාර්ථක ලකුණු සංඛ්‍යාවක් කරා ගමන් කළ ගුජරාට් කණ්ඩායමනියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් රැස් කිරීමට සමත් වුණා. සායි සුදර්ශන් පන්දු 47 කදි ලකුණු 96 ක්ද රිදීමන් සාගා ලකුනු 54 ක් ද සුබ්මන් ගිල් ලකුනු 39 ක්ද රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 44 ට කඩුලු 2 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ඇරඹූ චෙන්නායි කණ්ඩායම පළමු පන්දුවාරයට මුහුණ දෙන අවස්ථාවේම වර්ෂාව ඇදහැලිම හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරිමට සිදු වුණා. කෙසේ වුවද යළි තරගය ආරම්භ වූයේ චෙන්නායි ඉනිම පන්දුවාර 15 කට සීමා කිරීමත් සමගයි. ඔවුන්ට හිමි වූ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 171ක්. සාර්ථක ආරම්භයක් ලබා ගත් ආරම්භක පිතිකරුවන් යුගලය වූ රුතුරාජ් ගයිවාත් හා ඩෙවෝන් කොන්වේ පන්දු 39 කදී පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩ නැගුවා. කෙසේ වුවද අවසන් පන්දු දෙකේදී ලකුණු 10 ක් ජයග්‍රහණය සදහා ලබා ගැනීමට චෙන්නායි කණ්ඩායමට සිදුවූ අතර තරගය දෙපිළටම දෝලනය වෙමින් තිබුණා. නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට රැස්ව සිටි ලක්ෂයකට අධික ක්‍රිකට්ලෝලීන්ගේ හදවත් මොහොතකට නතර කළ මොහොතක් ලෙස එය ක්‍රීඩා විචාරකයින් හදුන්වනු ලැබුවා.

කෙසේ වෙතත් අවසන් පන්දු දෙකට දර්ශනීය හයේ සහ හතරේ පහර දෙකක් එල්ල කළ රවීන්‍ද්‍ර ජඩේජා චෙන්නායි ජයග්‍රහණය තහවුරු කළේ ගුජරාට් කණ්ඩායම  කඩුලු 5 කින් පරාජයට පත් කරමින්.

ඒ අනුව ශූරතාව හිමිකර ගත් මහේන්ද්‍ර සිංද්‍රෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 20 ක ත්‍යාගයක් හිමි වූ අතර අනුශූරතාව හිමිකර ගත් ගුජරාට් කණ්ඩායමට රුපියල් කෝටි 13 ක ත්‍යාගයක් හිමි වුණා.

 

ITN News Editor
By ITN News Editor මැයි 30, 2023 08:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්