හෙටින් ඇරඹෙන අනුරාධපුර පොසොන් සතිය
Related Articles
අනුරාධපුර පොසොන් සතිය හෙට ආරම්භ වනවා.
එය ජුනි මස 6 වනදා දක්වා ක්‍රියාත්මකයි.
මිහින්තලය, තන්තිරිමලය හා අනුරාධපුර පොසොන් මංගල්‍යය පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් අනුරාධපුර පොසොන් කලාපය පැවැත්වෙනවා.
පොසොන් සතිය තුළ අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට උපරිම පහසුකම් ලබාදීමට පොසොන් කමිටුව තීරණය කර ඇති බවයි අනුරාධපුර දිසා ලේකම් ජනක ජයසුන්දර මහතා පවසන්නේ.
පසුගිය වසරවලදී කොරෝනා වැනි විවිධ හේතූන් නිසා අනුරාධපුරයට පැමිණි සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ඉතා අඩු මට්ටමක පැවතුනා.
එහෙත් මෙවර සැදැහැවතුන් විශාල පිරිසක් අනුරාධපුරයට පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා.
ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජලාශ ආශ්‍රිතව ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටද කටයුතු කෙරෙන බවයි දිසා ලේකම්වරයා පවසන්නේ.
අනුරාධපුර ආසන්නයේ පාලම් පටු බැවින් දුම්රියේ පාපුවරුවේ ගමන් කිරීමේදී සැළකිලිමත් වන ලෙසත් අවධාරණය කෙරෙනවා.
පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථානවලට හානි නොකරන ලෙසයි අනුරාධපුර වන්දනාවේ පැමිණෙන අයගෙන් දිසා ලේකම්වරයා තවදුරටත් ඉල්ලා සිටින්නේ.