fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක ණය ආධාර මුදලක්

hasiniek
By hasiniek මැයි 29, 2023 15:50

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක ණය ආධාර මුදලක්

ආසියා සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක ණය ආධාර මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ආර්ථිකය ගොඩනැංවීමේ ක්‍රියාමාර්ගයට සහායක් වශයෙනුයි මෙම ණය මුදල ලබාදීමට තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති දරුණු ආර්ථික අර්බුදය සහ ඉහළ උද්ධමන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සහනය ලබාදීමට තීරණය කළ බවයි ආසියා සංවර්ධන බැංකුව පවසන්නේ.

දිළිදු ජනතාව මෙන්ම විශේෂයෙන් ඉන් පීඩාවට පත්වන කාන්තාවන් කෙරෙහි මෙහිදී වැඩි අවදානය යොමුකළ බව ආසියා සංවර්ධන බැංකුවේ සභාපති පවසා තිබෙනවා.

අයිඑම්එෆ් ණය මුදලට සමගාමීව මෙම ණය මුදල ලබාදීම තුළින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුද ජය ගැනීමේ ක්‍රියාවලියට තමන්ද එක්ව සිටින බවයි ආසියා සංවර්ධන බැංකුව තවදුරටත් පවසන්නේ. මීට පෙර පොහොර සහ ඖෂධ ආදිය මිලදී ගැනීම සදහා ද ආසියා සංවර්ධන බැංකුව ආධාර කර තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 29, 2023 15:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44