fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අරුවක්කාලු මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ඇරඹේ

hasiniek
By hasiniek මැයි 29, 2023 12:44

අරුවක්කාලු මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ඇරඹේ

අරුවක්කාලු කසල ගොඩබෑම,කසල පැටවීම සහ රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ මෙහි ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන්වනවිට නිම කරන ලෙසයි.

දිනෙන් දින ඉහළ යන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව විසඳීම සඳහා සනීපාරක්ෂක කසළ රඳවනයක අවශ්‍යතාවය අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවා.

වර්තමානයේ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මකයි.

ඒ අනුව කොළඹ අගනගරයේ දෛනිකව එකතු වන කසල මෙට්ට්‍රක් ටොන් 1200 ක් පමණ වනවාසල සිට කිලෝ මීටර 170 ක් පමණ දුරින් පිහිටි පුත්තලම, අරුවක්කාලු අංගනය දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලබනවා.

hasiniek
By hasiniek මැයි 29, 2023 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්