fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගන්වයි

hasiniek
By hasiniek මැයි 29, 2023 11:30

මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගන්වයි

ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ වෙත පිළිගන්වා තිබෙනවා.

ඓතිහාසික මහියංගනය පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුත්තකට සහභාගී වූ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ඊයේ (28) පස්වරුවේ මහියංගනය පුද බිම වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා

මෙත් සවිය නිර්මාතෘ තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් “මෙත් සවිය මනස අධ්‍යාපන මෛත්‍රී සංසදය “මගින් විල්ලුව වැව මධ්‍යයේ ඉදිකළ අඩි 102 ක් පමණ උසින් යුත් සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරිම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කළ බවයි මාධ්‍ය ඒකකය සඳහන් කළේ..

ඓතිහාසික මහියංගනය මහ සෑ රඳුන්ගේ ආරක්ෂාව පිණිසත්, විහාර අලංකරණය පිණිසත් ඉදිකළ අඩි 2500ක දිගින් යුත් වලාකුළු බැම්ම විවෘත කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරුණා..

මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෘතවේදිත්වය පිරිනමමින් සිහිවටන තිළිණයක් ද පිළිගන්වා තිබෙනවා.

පුණ්‍ය මහෝත්සවයේ පිළිගැනීමේ අනුශාසනාව සිදු කළ මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ සඳහන් කළේ ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රතිසංස්කරණය කළ එකම විධායක ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසීය

මහියංගනය චෛත්‍ය රාජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජවරු දෙදෙනෙක් මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. ඒ දුටුගැමුණු රජතුමා සහ පළමුවන විජයබාහු රජතුමා යි.

ඉන්පසුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණේ ඩී එස් සේනානායක අගමැතිවරයාගේ කාලයේයි. නමුත් මේ රටේ විධායක ජනාධිපතිවරු අට දෙනෙක් බිහි වෙලා තිබුණත් මහියංගනය පුදබිම ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණි එකම එක විධායක ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතායි. මහියංගණ පුදබිම පූජා භූමියක් කිරීම සඳහා ගැසට් කළේ ඔබතුමායි. මේ වෙනකන් මහියංගනය පුදබිමට තිබුණේ පූජා නගර ගැසට් පත්‍රයක් පමණයි.

hasiniek
By hasiniek මැයි 29, 2023 11:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්