හොර පාරෙන් ගෙනා දුම්වැටි සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Related Articles
නීති විරෝධීව ආනයනය කරන ලද දුම්වැටි සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ දී සිදු කළ කළ වැටලීම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
සැකකරුවන් මීගමුව හා කොච්චිකඩේ ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
මෙරටට ලේබිය යුතු තීරු බදු අහිමි කරමින් සිදුකර ගෙන යන මෙම මහා පරිමාන නීති විරෝධී දුමිවැටි අත්අඩංගුවට ගැනීමට මීට පෙරද අවස්ථා ගනනාවකදී විශේෂ කාර්ය බලකාය සමත් වූ බවද සඳහන්.