හිම කුණාටුවක් පාකිස්ථානයේ 11ක් බිලි ගනී
Related Articles
උතුරු පාකිස්ථානයේ ඇති වූ හිම කුණාටුවකින් සංචාරක ගෝත්‍රික පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා
මිය ගිය පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු සහ සිව් හැවිරිදි පිරිමි දරුවෙකු සිටින අතර තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ
මෙම ප්‍රදේශයට ලඟාවීම දුෂ්කර වීම හේතුවෙන් ගලවාගැනීමේ කණ්ඩායම්වලට එම ප්‍රදේශයට ළඟාවීමේදී අභියෝගක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
එමෙන්ම පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මෙම මරණ සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.