fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා ලබා දෙන පොලී රහිත ණය ලබන සතියේ සිට

ITN News Editor
By ITN News Editor මැයි 29, 2023 14:08

පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා ලබා දෙන පොලී රහිත ණය ලබන සතියේ සිට

පෞද්ගලික විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් පන්දහසකට රජය මගින් ලබාදෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට හැකි වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ යටතේ රුපියල් ලක්ෂ නවයක පොලී රහිත ණය මුදලක් සිසුන්ට හිමි වන අතර එය ගෙවා දැමීම සඳහා වසර දෙකක සහන කාලයක් ද හිමි වේ.

අමාත්‍යවරයා සඳහන් කළේ රටක ඇති හොඳම ආයෝජනය අධ්‍යාපනය බැවින් රජය අසීරු අවස්ථාවල පවා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දෙන බවයි.

රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයේ පසුගියදා පැවති වර්ණ ප්‍රදානෝත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.

ITN News Editor
By ITN News Editor මැයි 29, 2023 14:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්