fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෝටියකට අධික භාණ්ඩ තොගයක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 29, 2023 10:48

කෝටියකට අධික භාණ්ඩ තොගයක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියකට වඩා වටිනා භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් හෙළිකරගෙන සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට කටුණායක පොලීසියට හැකිවී තිබෙනවා.

ව්‍යාපාරිකයෙකුට අයත් භාණ්ඩ තොගයකුයි මෙලෙස සූක්ෂම ලෙස කොල්ලකා තිබුණේ. ඊට සම්බන්ධ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තාවක ද ඒ අතර වනවා. ඇය අදාළ ව්‍යාපාරිකයා සමග සමීප සබදතාවක් පවත්වාගෙන යමින් මෙම කොල්ලයට දායක වී ඇති බවයි හෙළිව තිබෙන්නේ. ව්‍යාපාරිකයා විදෙස් රටවලින් මිලදීගත්  මිල අධික කැමරා සහ උපාංග,  රූපලාවන්‍ය උපකරණ,  රත්‍රං සහ වාහන අමතර කොටස් ආදිය මෙරටට රැගෙන ආ දිනයේම කොල්ලකා ඇති බවටයි පොලීසියට පැමිණිලි ලැබී තිබුණේ. අදාළ කාන්තාවගේ ඔත්තුවකට අනුව මෙම කොල්ලකෑම් සිදුව ඇති බවද හෙළිවුණා. සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් භාණ්ඩ රැගෙන යමින් තිබූ වාහනය හරස්කර පොලීසියෙන් බව පවසා ව්‍යාපාරිකයා බස්සවා භාණ්ඩ සමග වාහනය රැගෙන ගොස් තිබෙනවා.

ඒ පිළිබද ලැබුණූ පැමිණිල්ලකට අනුව කටුනායක පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයේ දීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2023 10:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්