එනසාල් හොරු
Related Articles
කොළඹ වරාය පොලිස් වසමේ CICT පරිශ්‍රය තුළ තිබූ බහාලුමකින් එනසාල් පෙට්ටි 09ක් සොරකම් කළ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ එනසාල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට ආසන්න බවයි වාර්තා වුණේ
එසේම අදාළ එනසාල් තොගය පටවා තිබූ කන්ටේනර් රථයක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකරුවන් වයස අවුරුදු 35, 37 සහ 39 යන වයස්වල පසුවන ඉපලෝගම, බණ්ඩාරගම සහ නිකදලුපොත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.