fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වවුචර්පත්වලට අදාලව කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැහැ

ITN News Editor
By ITN News Editor මැයි 29, 2023 09:58

වවුචර්පත්වලට අදාලව කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැහැ

රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වවුචර්පත්වලින් මිල දී ගත යුතු යැයි කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නෑතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

පසුගිය දිනවල දිස්ත්‍රික් දෙකක ගොවීහු කුඩා කණ්ඩායම් කිහිපයක් සියයට 30 කාබනික පොහොර වශයෙන් හා සියයට 70ක් වශයෙන් රසායනික පොහොර අනිවාර්ය කර ඇති බවට මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ. එමෙන්ම ඇතැම් පොහොර වර්ග අනිවාර්ය කර ඇති බවට ද ඔවුහු පවසා තිබිනි.

මෙම යල කන්නයේ දී පොහොර ලබා ගැනීම සඳහා රජය විසින් සහනාධාර වශයෙන් ලබා දෙන වවුචර්පත්වලට ගොවි ජනතාවගේ කැමැත්ත පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගත හැකිය. එසේම සියයට 70ක් රසායනික පොහොර හා සියයට 30ක් කාබනික පොහොර වශයෙන් නිර්දේශ කිරීමක් මෙම යල කන්නය සඳහා සිදු කර නොමැත.

මේ සම්බන්ධව අවශ්‍ය සියලු කරුණු පැහැදිළිව ගොවීන් වෙත ලබා දී තිබෙන උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර තිබේ.

ඒ අනුව ගොවි ජනතාවට පොහොර ලබා ගැනීමේ දී තම අභිමතය පරිදි කටයුතු කළ හැකිය.

මෙවර යල කන්නයේ දී ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීම අරමුණු කර ගනිමින් සහ ගොවි නිෂ්පාදන වියදම් අවම කිරීම සඳහා පොහොර මිල දී ගැනීමට මුල්‍යමය සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට  ජනාධිපතිතුමන් ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය පළ කළේය.

ඒ අනුව රුපියල් බිලියන 10ක මුදලක් ගොවීන් හයලක්ෂ පනස්දහසකට රසායනික පොහොර හෝ කාබනික පොහොර ලබා ගැනීම සඳහා මුදල් වවුචර්පත් නිකුත් කරනු ලැබීය.

මෙම වවුචර් ඉදිරිපත් කිරීම මගින් රාජ්‍ය අංශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගත හැකිය. නමුත් ඒ සඳහා ගත යුතු කුමන පොහොර ද යන්න සම්බන්ධව කිසිදු අනිවාර්ය කිරීමක් නැතැයි ද ලේකම්වරයා අවධාරණය කර සිටී.

ITN News Editor
By ITN News Editor මැයි 29, 2023 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්