fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම විභාග මධ්‍යස්ථානයකටම පොලිස් ආරක්ෂාව

ITN News Editor
By ITN News Editor මැයි 29, 2023 09:36

සෑම විභාග මධ්‍යස්ථානයකටම පොලිස් ආරක්ෂාව

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන තුන්දහස් පන්සියහැටඅටක දී ආරම්භ වුණා.  මධ්‍යස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද සැපයීමටයි පියවර ගෙන ඇත්තේ.

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වූ අතර එය ලබන 8 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මධ්‍යස්ථාන 3568 කදී මෙවර පැවැත්වෙන විභාගයට අපේක්ෂයින් හාරලක්ෂ හැත්තෑදෙදහස් පන්සිය පනස්තුන්දෙනෙකු පෙනි සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ. මෙවර විභාගයට බන්ධනාගාර ගත රැදවියන් 10 දෙනෙකු ද පෙනී සිටිමට නියමිතයි.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ සිසු සැරිය බස් රථ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

සෑම විභාග මධ්‍යස්ථානයකටම පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2023 09:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්