fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාලන මිල ඉක්මවා භාණ්ඩ විකුණන වෙළඳසැල් සොයා වැටලීම්

ITN News Editor
By ITN News Editor මැයි 28, 2023 16:09

පාලන මිල ඉක්මවා භාණ්ඩ විකුණන වෙළඳසැල් සොයා වැටලීම්

පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් අද තලවතුගොඩ හෝකන්දර උඩහමුල්ල මහරගම යන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කළා.

ඒ පාරිභෝගිකයින්ට නියමිත මිල ගණන් වලට පාලන මිල යටතේ පවතින භාණ්ඩ ලබා දෙනවාද යන්න පරික්ෂා කිරීමටයි.

එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ අලෙවි කරුවන් සහ බිත්තර වැඩි මිලට අලෙවි කළ වෙළඳසැල් හිමියන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

බැඳුම්කරයක් මගින් ඇප ලබාදී මෙලෙස වැඩි මිලට පාරිභෝගික භාණ්ඩ අලෙවි කළ පුද්ගලයින්ට ඇප ලබා දුන්නා.

එසේම මෙම පුද්ගලයින් වැඩි මිලට සිදුකළ සහල් අලවිය නතරකර එම සහල් පාලන මිලට විකිණීම සඳහා උපදෙස් ලබා දුන්නා.

එසේ නොකරන්නේ නම් ඒ සඳහා ද නීතිය ක්‍රියාත්මක කරන බව ඔවුන්ට දැනුවත් කරනු ලැබුවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2023 16:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්