ප්‍රාදේශීය සභාවේ කැබ් රථය අවභාවිත කරන හිටපු සභාපති
Related Articles
පළාත් පාලන ආයතන විසුරුවා තිබියදී නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා තම පෞද්ගලික කටයුතු සඳහා ප්‍රාදේශීය සභාවේ කැබ් රථය භාවිතා කරන බව බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පවසනවා.
එම ප්‍රාදේශීය සභාවට අයත් PA-7017 අංක දරණ කැබ් රථය රියදුරා සමඟ ඔහුගේ පෞද්ගලික කටයුතු සඳහා සහ බගවන්තලාව ආරියපුර ගම්මානයේ පිහිටි ඔහුගේ නිවසට අවශ්‍ය භාණ්ඩ එම කැබ් රථයෙන් ප්‍රවාහනය කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රවි කුලන්දවේල් මහතා අද දින බගවන්තලාව කොටියාගල වතුයායේ අවමංගල උත්සවයකට සහභාගී විමෙන් අනතුරුව බගවන්තලාව නගරයේ පිහිටි සුපිරි වෙලඳසැලකට පැමිණ තම නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන යන අයුරු ජංගම දුරකථනයක පටිගත වී තිබුණා.
අප මේ සම්බන්ධයෙන් නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගෙන් කරුණු විමසිමට උත්සාහ කලද එය ව්‍යාප්ත වුණා.