නොර්ටන් බ්‍රිජ් පොලිස් වශමට අයත් ලොනැක් වතුයායේ වැවක ගිලී අවුරුදු 23ක තරුණයකු මිය ගොස් තිබෙනවා.
මේ පිලිබඳව කරන ලද විමසිමකදී අදහස් දැක්වු නොර්ටන් බ්‍රිජ් පොලීසියේ නිලධාරියකු පවසන ලද්දේ නොර්ටන් බ්‍රිජ් පොලිස් වශමට අයත් ලොනැක් වතුයායේ අවුරුදු 23ක් වයසැති තෝමස් රූබන් නැමති තරුණයා 28වන දින දහවල් 12.15ට පමන මෙසේ වැවක ගිලී මිය ගොස් ඇති බවත්ය.
මෙම තරුණයා වටවල සිට ලොනැක් දක්වා ධාවනය වන බස් රථයක ගමන් කර ගනේවත්ත ප්‍රදේශයේදි එම බස් රථයෙන් බැස ගමන් කරමින් සිටියදි මෙම වැවට වැටී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් මේ පිලිබඳව නොර්ටන් බ්‍රිජ් පොලීසිය විසින් වැඩි දුර පරීක්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.