fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 28, 2023 09:43

ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කෙරේ

ඉන්දියාවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අද විවෘත කෙරුණා.

ඉන්දීය නව පාර්ලිමේන්තුව නවදිල්ලියේ ඉදිකර ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රදානත්වයෙන් විවෘත කිරීමේ උත්සවය ආරම්භ වුණා.

ඉන්දියාවේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල 1927 දී ඉදිකරන ලද්දක් වන අතර එය වර්තමාන අවස්ථාවන්වලට ප්‍රමාණවත් නොවන බවට කරුණු ඉදිරිපත්ව තිබුණා.

නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ලෝක් සභා ගර්භයේ මන්ත්‍රීවරුන් 888කටත් රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩලයේ 300 දෙනෙකුටත් පහසුවෙන් අසුන් ගතහැකි වනවා.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් රුපියල් 75 සමරු කාසියක් ද ප්‍රකාශයට පත්කෙරුණා.

අභිනවයෙන් විවෘත වූ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ත්‍රි කෝණාකාර හැඩති තට්ටු 4කින් යුත් ගොඩනැගිල්ලක් වන අතර එය වර්ග 64,500ක භූමිභාගයක ඉදිකර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 28, 2023 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්