fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සා/පෙළ විභාගයට බන්ධනාගාරගත නේවාසිකයන් සූදානම්

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 21:29

සා/පෙළ විභාගයට බන්ධනාගාරගත නේවාසිකයන් සූදානම්

බන්ධනාගාරගත රැඳවියන් 10 ක් මෙවර අ.පො.ස.(සා.පෙළ) විභාගයට සූදානම් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසනවා.

බන්ධනාගාර ගත රැදවියන්ට අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ පූර්ණ මැදැහත්වීම මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී සෑම වර්ෂයකදීම රැදවියන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සදහා යොමු කරමින් බන්ධනාගාරය තුළ ඊට අදාල විභාගයන් සදහා විභාග මධ්‍යස්ථානයක් පිහිටවනු ලබයි.

ඒ අනුව මෙවර 2023 වර්ෂ‍යේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලබන අ.පො.ස.(සා.පෙළ) විභාග සඳහා වටරැක බන්ධනාගාරයේ නේවාසිකයින් පස් දෙනෙක් (05ක්) වටරැක බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථනයේ ද, වැලිකඩ බන්ධනාගාරයේ නේවාසිකයින් පස්දෙනෙක් (05ක්) නව මැගසින් බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටිමට නියමිතව ඇති අතර, එම රැදවියන් අතරින් ජීවිතාන්තය දක්වා දඩුවම් ලැබු එක් (01ක්) රැදවියෙකු සිටීම විශේෂත්වයකී.

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 21:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්