fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්‍රේනය විශාල ප්‍රහාරයකට සූදානම් වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 13:58

යුක්‍රේනය විශාල ප්‍රහාරයකට සූදානම් වෙයි

යුක්‍රේනය රුසියා හමුදාවන්ට එරෙහිව තමන් දිගුකාලීනව අපේක්ෂා කළ ප්‍රතිප්‍රහාරය දියත් කිරීමට සූදානම් බව නිවේදනය කර  තිබෙනවා.

මෙම ප්‍රහාරය හෙට අනිද්දා හෝ සතියකින් ආරම්භ විය හැකි බව යුක්‍රේනය ආරක්ෂක අංශ ප්‍රධානීන් පවසනවා.

යුක්‍රේනය මාස ගණනාවක් තිස්සේ ප්‍රතිප්‍රහාරයක් සැලසුම් කලද බටහිර රටවල්වලින් යුධෝපකරණ ලබාගැනීමේ අපහසුතාව මත එය ප්‍රමාද වුණා.

කෙසේ වෙතත් මේ වන විට එක්සත් රාජධානිය දිගුදුර මිසයිල ද ඇමෙරිකාව නවීන ප්‍රහාර ජෙට්යානා ද යුක්රේනයට ලබාදීමට තීරණය කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 13:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්