ගුජරාට් ටයිටන්ස් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි
Related Articles
ඉන්දීය ප්‍රිමියලිග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.
මුම්බායි ඉන්දියන්ස් සමග අහමදාබාද් හි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ දෙවන තරගය ඊයේ පැවැත්වුණා. එහිදි ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 233ක් ලබා ගැනීමට සමත්වුණා.
සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ ශුබ්මන් ගිල් ලකුනු 129ක් රැස් කළේ පන්දු 60කට පමණක් මුහුණ දෙමින් ඊට 6 පහර 10ක් සහ 4 පහර 7ක් ඇතුළත් වුණා. මෙවර තරගාවලිය තුළ ශුබ්මන් ගිල් වාර්තා කළ තුන්වන ශතකය මෙය වනවා.
එය තරග 4ක් තුළ වාර්තා වීම ද විශේෂත්වයක්.
ශායි සුදර්ශන් ලකුණු 43යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයන්ට පන්දුවාර 18 යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුනේ ලකුනු 171 ක් පමණයි.
සූර්ය කුමාර් යාදෙව් ලකුනු 61ක් ලබාගත් අතර තිලක් වර්මා ලකුණු 43ක් රැස් කළා.
මෙම ජයග්‍රහණයත් සමග ගුජරාට් ටයිටන්ස් ක්‍රිඩකයන් ලබන ඉරිදා පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියලීග් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.
ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.
පසුගිය වර්ෂයේ ශූරතාවය ද ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම දිනාගත් අතර 2021 වසරේ ශූරතාව දිනාගත්තේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමයි.