fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජන සංහිඳියාව තහවුරු කරන්න වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 13:13

ජන සංහිඳියාව තහවුරු කරන්න වැඩපිළිවෙළක්

ජනතාවගේ ආකල්ප හා අදහස්වල ඇති වූ වෙනස්කම් තිස් වසරක යුද්ධයක් දක්වා ඇදී ගිය බව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

එවැනි සිදුවීම් යළි ඇති නොවීමට ක්‍රියා කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවති විශ්ව සම්භාව්‍ය සිනමා දැක්ම හා කථිකාවේ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

නැගෙනහිර පළාත් ප්‍රධාන කාර්යාලයේදීයි මෙය පැවැත්වුණේ.

සම්භාව්‍ය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන විදූ විනෝද් චොප්රා අධ්‍යක්ෂණය කළ කාශ්මීර අර්බුදය අළලා නිර්මාණය කළ ෂිකාරෝ චිත්‍රපටය ප්‍රදර්ශනය හා විචාර දේශනයක්ද පැවැත්වුණා.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් ඩබ්ලිව් බී ගනේගල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්