පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ ආපනශාලා 08කට නඩු
Related Articles
විශාල පිරිසක් වෙළෙඳසැල්වලින් ආහාර මිලදී ගන්නා සපුගස්කන්ද ප්‍රදේශයේ හෝටල් රැසක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට ලක්කෙරුණා.
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ ආපන ශාලා අටකට එරෙහිව මෙහිදී නඩු පැවරීම සිදුවුණා.
එමෙන්ම ස්ථාන 4කට දැඩි අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය ආරක්ෂිත නොවන අයුරින් මේවායෙහි ආහාර අලෙවි කරන ආකාරය දැකගත හැකියි.
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මූලිකත්වයෙන් මෙම පරික්ෂා කිරීම සිදු කෙරුණා.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ,කාර්මික ජනපදය මෙන්ම තවත් කර්මාන්ත ශාලා විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රදේශයේ පිහිටා තිබෙන බැවින් බොහෝ දෙනෙකු ආපනශාලාවලින් ආහාර මිලදී ගැනීම සිදුකරනවා.