fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොස්තාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 09:19

කොස්තාගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

බන්ධනාගාර ගතව සිටින ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්තා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරකට අනුවයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු මොරටුව කොරවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ළඟ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502 ක් ජංගම දුරකතනයක් හා ඩිජිටල් තරාදියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

32 වන වියේ පසුවන මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්