fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 06:14

ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව ඇරඹෙයි

ජාතික තේ නිෂ්පාදනය ඉහළ නංවා ඩොලර් බිලියන 2 ක තේ අපනයන ආදායමක් ලබාගැනීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කුඩා තේ
වතු සංවර්ධන අධිකාරිය එක්ව ආරම්භ කළ ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගියදා කර්මාන්ත හා වැවිලි කර්මාන්ත
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇල්පිටියේදී පැවැත්විය.

මෙම උත්සවයට සමගාමීව තේ වගා කරන දිස්ත්‍රික්ක 6 ක් සඳහාද මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය හදුන්වා දෙන ලදී.

මෙහිදී අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2021 හා 2022 වසර වල ජාතික අපනයන ආදායමට වැඩිම දායකත්වයක් වැවිලි ක්ෂේත්‍රයෙන් ලබාදුන් බවය.

එහිදී පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 890 ක්ද, රබර් වලින් ඩොලර් බිලියන 1 ක්ද කුරුඳු වලින් ඩොලර් මිලියන 420 ක් හා තේ වලින් ඩොලර් බිලියන 1.23 ක් ජාතික අපනයන ආදායමට ලබාදුන් බවයි.

ඉදිරියේදී තේ අපනයනයෙන් ඩොලර් බිලියන 2 ක් ඉපයීම තම අමාත්‍යාංශයේ බලාපොරොත්තුව  බවත් එය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ ඇතිව මෙම ඍජු
තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රි ලංකාව පුරා කුඩා තේවතු හිමියන් ලක්ෂ 4 ක් පමණ සිටින බවත් ඔවුන්ට තේ වගාව වෙනුවෙන් ලබා දෙන සහනාධාර නොවනස්ව ඉදිරියටත් එලෙසම
ලබාදෙන බවත් ඉදිරියේදී  පොහොර මිල තවදුරටත් අඩුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම ඍජු තේ පැළ වගා කිරීමේ ව්‍යාපෘතියම මඟින් කුඩා තේ වතු හිමියන්ට වසර 1 ½ කින් පමණ ආදායම් ඉපයීමට හැකියාව ලැබෙන අතර මේ සඳහා ඔවුන්ට අවශ්‍ය තේ පැල හා කොම්පෝස්ට් පොහොර රජය විසින් ලබාදෙයි. මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් තේ මණ්ඩලයේ තේ ප්‍රවර්ධන අරමුදල විසින් ලබාදෙනු
ලැබේ.

මෙම අවස්ථාවට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, වැවිලි කර්මාන්ත අමාතයාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, තේ පර්යේෂණ ආයතනයේ සභාපති චින්තක ලොකුහෙට්ටි, කුඩා තේවතු සංගමයේ සභාපති, ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති, කුඩා තේ වතු හිමියන් ඇතුළු විශාල
පිරිසක් සහභාගි වූහ.

ITN News Editor
By ITN News Editor මැයි 27, 2023 06:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්