අබුඩාබි සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මිය යයි
Related Articles
අබුඩාබි, බනියාස් ප්‍රදේශයේ සංචාරක හෝටලයක ඇති වූ ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඇය සමග ගින්නට හසුවූ තවත් 05 දෙනෙකු ද මිය ගොස් ඇති බවයි.
එලෙස මියගොස් ඇත්තේ 2021 වසරේ අබුඩාබි රාජ්‍යයට සංචාරක වීසා මත රැකියා සඳහා පිටත්ව ගිය තරුණියකි.
ඇයගේ අනන්‍යතාව නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළා.