fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජර්මන් චාන්සලර්වරයා රුසියානු ජනාධිපති සමඟ සාකච්ඡාවකට සූදානම්

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 15:34

ජර්මන් චාන්සලර්වරයා රුසියානු ජනාධිපති සමඟ සාකච්ඡාවකට සූදානම්

ජර්මන් චාන්සලර්වරයා රුසියානු ජනාධිපති සමඟ සාකච්ඡාවකට සූදානම් වනවා.

ජර්මානු චාන්සලර් ඕලාෆ් ෂෝල්ස් සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සදහන් කර තිබෙනවා. මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ තමන්ගේ අභිප්‍රාය යුක්‍රේනයට සහාය දීම වුවත් නේටෝව හා රුසියාව අතර සෘජු ගැටුමක් ඇතිවීම වැළැක්වීම බවත්ය. ජර්මන් චාන්සලර්වරයා පසුගිය දෙසැම්බර් මාසයේ රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළා. යුක්‍රේන යුද්ධය ආරම්භ වීමත් සමග රුසියාවත් සමග පැවති සබදතා සම්පූර්ණයෙන්ම බිද වැටුණු බවත් සුදුසුම වේලාවේදී නැවත සම්බන්ධතා ආරම්භ කිරීම සදහා තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව චාන්සලර්වරයා වැඩිදුරටත් සදහන් කර තිබුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 15:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්