මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කාර්තු අයවැය ගිණුම් නිසිලෙස ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පැවරූ නඩුවේදී, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට රුපියල් ලක්ෂයක් ගෙවන ලෙසට නඩුව ගොණු කළ හිටපු බස්නායක නිලමේවරයෙකුට අධිකරණය නියම කළා.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 2012 වසරේ කාර්තු අයවැය ගිණුම් නිසිලෙස ඉදිරිපත් කර නැති බවට චෝදනා කරමින් හිටපු බස්නාය නිලමේවරයෙකු වන සුදන්ත සේනානායක මහතා මෙම නඩුව ගොණු කළා.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව මහනුවර මහාධිකරණ අංක 1දී විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ප්‍රකාශයට පත් කළා.