fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැගෙනහිර සංවර්ධනයට සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට ගුවන් සේවා සහ නාවික යාත්‍රා පහසුකම්

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 11:39

නැගෙනහිර සංවර්ධනයට සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට ගුවන් සේවා සහ නාවික යාත්‍රා පහසුකම්

නැගෙනහිර සංවර්ධනයට සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා ගුවන් සේවා සහ නාවික යාත්‍රා පහසුකම් සැලසීමට තීරණය කර තිබෙනවා.

සංචාරකයින් සඳහා නැගෙනහිර පළාතට ප්‍රවේශවීමේදී දැරිය යුතු ගුවන් ගාස්තු අධික වන බැවින් ගුවන්සේවා පහසුකම් සපයා ගැනීමේ අසීරුතාව පිළිබඳව ද රජයේ අවධානය යොමුව තිබෙනවා.

ඊට විසඳුමක් ලෙස කටුනායක, මත්තල, රත්මලාන,පලාලි යන ගුවන්තොටුපලවල සිට වැඩි වශයෙන් අභ්‍යන්තර ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කෙරුණා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීයී මෙම තීරණවලට එළඹ තිබෙන්නේ.

මඩකලපුව ගුවන්තොටුපල තාක්ෂණික වශයෙන් ඉතා උසස් මට්ටමකින් දියුණුකර මගීන් 75 දෙනෙකු පමණ රැගෙන යා හැකි ගුවන් යානා සදහා මෙහෙයුම් සිදු කළ හැකියි.

එහෙත් පෞද්ගලික ගුවන්සේවා සමාගම් මෙම ගුවන්තොටුපලවලින් උපරිම ප්‍රයෝජන ගෙන නැති බවයි මෙහිදී හෙළි වුණේ.

ඉන්දියාවේ චෙන්නායි සිට පලාලි දක්වා පියාසර කරන ගුවන්යානා පලාලි සිට මඩකලපුව දක්වා දීර්ඝ කිරීම පිලිබදව ද අවධානය යොමු වුණා.

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්