fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලි ප්‍රහාරයකින් පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 11:03

වන අලි ප්‍රහාරයකින් පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට

තලාව තිරප්පනේ ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පාසල් ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත් වුණ.

තිරප්පන් ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දරුවකූයි මෙසේ මිය‌ගොස් තිබෙන්නේ.

තිරප්පනය වැවේ ජලජ පැලෑටි ඉවත් කිරීමේ ශ්‍රමදානයක් ඊයේ සවස පැවැත්වුණා.

එම ශ්‍රමදානය අතරතුරදී වැවට ආසන්නයේ ඇති දේවාලයට ප්‍රදේශයේ තරුණයින් කිහිප දෙනෙකු ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී පාසල් ශිෂ්‍යයා වන අලි ප්‍රහාරයට  ලක් වුණා.

ඔහුගේ මව පවසන්නේ දින 3 ක සිට වන අලියෙකු මෙම කැලෑබද ප්‍රදේශයේ සිටින බවත් ඒ පිළිබද වනජීවී නිලධාරීන් දැනුවත් කළ ද පලක් නොවූ බවයි.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්