ජපානයේ නගානෝ නරගයේ වෙඩි තැබීමකින් හතර දෙනෙකු ජීවිතක්ෂයට
Related Articles
ජපානයේ නගානෝ නරගයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
නගානෝ නගරයේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් තිබෙනවා.
වෙඩි තැබීමේ සිද්ධීන් දුර්ලභව වාර්තා වන රටක් ලෙස ජපානය සැළකෙනවා.
නගානෝ නගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු , කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
වෙඩි තැබීම සිදු කර ඇත්තේ පොලිස් නිලධාරියෙකුගේ පුත්‍රයෙකු බවයි ජපාන පොලීසිය පවසන්නේ.
මෙම වෙඩි තැබීම පසුගිය වසරේ ජපාන හිටපු අගමැති ෂිං ෂෝ අබේ ඝාතනයෙන් පසු වාර්තා වූ පළමු වෙඩි තැබීමේ සිද්ධිය වනවා.