fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොරි රථයක දොරක් ගැලවී යාමෙන් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 09:48

ලොරි රථයක දොරක් ගැලවී යාමෙන් පාසල් දරුවෙකු ජීවිතක්ෂයට

බේකරි නිෂ්පාදන රැගෙන යන කුඩා ප්‍රමාණයේ ලොරි රථයක අනාරක්ෂිතව තැනූ දොරක් ගැලවී යාමෙන් පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාද්දුව පොලිස් වසමට අයත් බේකරි නිෂ්පාදන ආයතනයක ලොරි රථයක පැති දොරක් මෙසේ රථයෙන් ගැලවී ගොස් මාර්ගයේ පාපැදියකින් ගමන් කරමින්  සිටි කුඩා දරුවෙකුගේ ඇගේ වැදීමෙන් අනතුර සිදුව තිබෙනවා.

බරපතල තුවාල ලැබූ සිසුවා පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින දෙකක් ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

13 හැවිරිදි මෙම දරුවා වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්.

අත්අඩංගුවට ගත් ලොරි රථයේ රියදුරා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 26, 2023 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්