අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
Related Articles
කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රන්දොඹේ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු වෙඩි තබා තිබෙනවා.
තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිවරයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
මේ අතර අම්බලන්ගොඩ වතුගෙදර ආදාදොළ විහාරස්ථානය අසළ මාර්ගයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
මංගල උත්සවයකට සහභාගී වීම සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහා කරන්නේ.
වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා යතුරුපැදිය දමා පළා ගොස් තිබෙනවා.
එම යතුරුපැදියේ කුඩා දරුවෙකුද ගමන් කර ඇති අතර දෙදෙනාම වෙඩි ප්‍රහාරවලින් බේරී ඇති බවයි සඳහන් වන්නේ.
වෙඩි තැබීම සිදුකළ බව කියන පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.
මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
සැකකරු මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප ලැබූ අයෙක්.