එලිසබෙත් රැජිණ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන FBI හෙළි කරයි
Related Articles
එලිසබෙත් මහ රැජිණ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබද තොරතුරු වසර 40 කට පසු ඇමෙරිකාවේ එෆ් බී අයි සංවිධානය හෙළි කළා.
1983 දී බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ ඇමෙරිකාවේ සැන්ප්‍රැන්සිස්කෝ වෙත සංචාරයක් සඳහා පැමිණියා.
එහිදී ඇයව ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් පැවති බව එෆ් බී අයි ආයතනය පසුගියදා හෙළි කළා.
ඝාතන කුමන්ත්‍රණය සිදු කිරීම සම්බන්ධයෙන් අයර්ලන්ත ජාතිකයෙකුටයි චෝදනා එල්ල වී ඇත්තේ.
රැජිණ ගෝල්ඩන්ගේට් පාලම යටින් යාත්‍රා කරන විට හෝ යොසමයිට් වනෝද්‍යානයේ සංචාරය කරන විට ඝාතනය කිරීමට කුමන්ත්‍රණකරුවන් සැලසුම් කර තිබූ බව එෆ් බී අයි ආයතනය වැඩිදුරටත් පවසනවා.