ධීවර කටයුතු සඳහා විදුලි කෝෂ බෝට්ටු එන්ජින් හඳුන්වා දෙයි
Related Articles
ශ්‍රී ලංකාවේ ධීවරයන්ට දිනකට භූමිතෙල් වෙනුවෙන් රුපියල් පන්දාහක් දහදාහක් අතර ප්‍රමාණයක් වියදම් කරන බවත් එම වියදම අවම කිරීම සඳහා විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක කරන බෝට්ටු එන්ජින් නිෂ්පාදනය කිරීමට ලංකාවේ පෞද්ගලික ඉංජිනේරු ආයතනයක් ආරම්භ කර ඇති බවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
ධීවර ජනතාවට චීනයේ ලැබුණු භූමිතෙල් නොමිලේ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ධීවර කටයුතු සඳහා විදුලි කෝෂ එංජින් හඳුන්වා දීම ද මෙහිදී සිදු වුණා.
එම විදුලි කෝෂ එන්ජින් චීන රජයේ ආධාර මත වැඩි දියුණු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා අවශ්‍යය සහයෝගය ලබා දෙන ලෙස චින තනාපතිවරයාගෙන් අමාත්‍යරවයා ඉල්ලා සිටියා.
තවද පානදුර ධීවර වරාය තුළ චීන ව්‍යපාරිකයින්ට සංචාරක ක්ෂත්‍රය සඳහා ආයෝජනය කිරීමට ද උදව් උපකාර කරන ලෙසද පානදුර ධීවර වරාය සංචාරක පාරාදීසියක් බවට පත් කිරිමට චින ව්‍යපාරිකයින්ට එහි ආයෝජනය කිරීමට ද අමාත්‍යවරයා ආරාධනා කර සිටියා.