මැලේසියාවේ තට්ටු ගොඩනැගිල්ලකින් ඇදවැටී 44 හැවිරිදි වියේ පසුවූ මෙරට කොබෙයිගනේ පදිංචි එක්දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ කාන්තාව සංචාරක වීසා බලපත්රයකින් මැලේසියාව වෙත ගොස් රැකියාවක නිරතව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පසුගිය 23වනදා එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එම කාන්තාව ජා ඇළ ප්රදේශයේ විදේශ රැකියා සපයන පුද්ගලයෙකුගේ මාර්ගයෙන් මෙලෙස මැලේසියාව වෙත ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
කාන්තාවගේ දේහය මේ වනවිට එරට PPUM රෝහලේ තැන්පත් කර තිබෙනවා