fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව දුක්ඛිතම රට සිම්බාබ්වේ

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 16:07

ලොව දුක්ඛිතම රට සිම්බාබ්වේ

ලොව දුක්ඛිතම රටවල් අතර ප්‍රමුඛ ස්ථානයට සිම්බාබ්වේ රාජ්‍ය පත්ව තිබෙනවා.

වෙනිසියුලාව , සිරියාව , ලේබනනය , සුඩානය,ආර්ජන්ටිනාව ,යේමනය , යුක්‍රේනය ,කියුබාව හා තුර්කිය ලොව දුක්ඛිතම රටවල් අතර පළමු රටවල් 10ට අයත්.

ලොව ප්‍රමුඛ පෙලේ ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්කිගේ වාර්ෂික දුක්ඛිත දර්ශකයේයි මෙම දත්තයන් අන්තර්ගත වන්නේ.

රටවල ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙනවා.

අධි උද්ධමනය ,රැකියා විරහිතභාවය , ඉහළ පොලී අනුපාත හා අඩු දළ දේශීය නිෂ්පාදිත අගයන් යන කාරණා හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ස්ටීව් හැන්කි පවසන්නේ.

එමෙන්ම සිම්බාබ්වේ රාජ්‍ය මෙම තත්ත්වයට පත්වීම සඳහා එරට දේශපාලන පක්ෂ වගකිව යුතු බව ද ඔහු සඳහන් කරනවා.

රටවල් 157ක් මෙම ශ්‍රේණිගත කිරීමට අයත් අතර අවසන් ස්ථානයේ පවතින්නේ ස්විස්ටර්ලන්තයයි.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්