fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැන්සි පෙලෝසිගේ කාර්යාල මේසය මත පාදය තබාගෙන සිටි පුද්ගලයෙකු වරදකරු වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 14:59

නැන්සි පෙලෝසිගේ කාර්යාල මේසය මත පාදය තබාගෙන සිටි පුද්ගලයෙකු වරදකරු වෙයි

ඇමෙරිකාවේ හිටපු කතානායක නැන්සි පෙලෝසිගේ කාර්යාලයේ මේසය මත පාදය තබාගෙන සිටි පුද්ගලයෙකු වරදකරු කර තිබෙනවා.

2021 වසරේ දී හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ගේ පාක්ෂිකයින් ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කළා.

එයට සම්බන්ධ වු එක් පුද්ගලයෙකු මෙලෙස කතානායකවරයාගේ කාර්යාලයේ මේසය මත පාදය තබා ගෙන සිටින අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්ත කළා.

එම පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් අතර රජයේ නිළ කටයුතු වලට බාධා කිරීම යන චෝදනාවටයි ඔහු වරදකරු වී ඇත්තේ.

ඒ සමඟම වසර 20ක කාලයක් දක්වා එම පුද්ගලයාට සිර දඬුවම් නියම කිරිමේ හැකියාවක් පවතිනවා.

එමෙන්ම කැපිටල් ගොඩනැගිල්ලට නීතිවිරෝධි ලෙස ඇතුල්වීම , මැතිවරණ ප්‍රතිඵල වලට විරුද්ධ වීම හා භයානක ආයුධ ළඟ තබා ගැනීම ඇතුලු චෝදනා 8කට ඔහු වැරදිකරු වී ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 14:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්