fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්දැයි සොයන්න කමිටුවක්

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 13:34

නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්දැයි සොයන්න කමිටුවක්

2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ  අනුමැතිය මත උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

චීන කාබනික පොහොර නැවට මුදල් ගෙවීම හා නැනෝ පොහොර ආනයනය කිරීම යන කරුණු දෙකම රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ පියවරයන් දෙකක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 06.09ක මුදලක් ගෙවීම මෙන්ම නැනෝ දියර පොහොර යනුවෙන් මෙරටට ආනයනය කරන ලද පොහොර නිසා රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළා.

අද දින (25) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍යවේදීන් මේ සම්බන්ධව අමාත්‍යවරයාගෙන් කරුණු විමසනු ලැබුවා.

නැනෝ පොහොර ලීටර් ලක්ෂ 30ක් 2021 දී මෙරටට ආනයනය කර ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැතැයි යන කාරණය සම්බන්ධව මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා.

නැනෝ පොහොර  ආනයනය සම්බන්ධව යම් දූෂණයක් සිදුවී ඇත්ද  යන්න පිළිබඳ දැනට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණකාධිපති වාර්තාවන් සැළකිල්ලට ගනිමින් මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ඉහළ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම මෙමගින් යම් මුල්‍යමය අලාභයක් හෝ වංචාවක් සිදුවී ඇත්ද යන්න පිළිබදව මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් කරුණු විමසුවා.

මේ සිදුවීම  සිදුවුනේ මම කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරන කාලයේ නොවෙයි.

ඒ නිසා මේ සම්බන්ධව කිසිවක් මට කිව නොහැකියි.

නමුත් මෙම සිද්ධිය සම්බන්ධව සොයා බැලීම සඳහා පත් කෙරෙන අමාත්‍ය අනු කමිටුව මගින් ඒ සම්බන්ධව විමර්ශනය කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

චීන පොහොර නැවට ඩොලර් මිලියන 06.09ක් ගෙවා තිබෙනවා.

ඒ වගේම මේ නැනෝ දියර පොහොර යනුවෙන් ඉන්දියාවේ ගුජරාටයෙන් ගෙන්වන ලද දියර පොහොර ලීටර් ලක්ෂ 03ක පමණ ප්‍රමාණයත් ගත් කළ ඒ සඳහා වැය කළ සමස්ත මුදල රටේ කෘෂිකර්මාන්තයට  හෝ ගොවියා ජනතාවට  කිසිදු ප්‍රයෝජනයක් අත් වී නැති බව කිව යුතුයි.

මේවා මහජන මුදල්.

මහජන මුදල් වැය කිරීමේ දී ඒවාට රජය වගකිව යුතුයි අමාත්‍යවරයා සඳහන් කළා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 13:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්