fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාමඤ්ඤ මහා නිකාය අනුබද්ධිතව බුද්ධ ශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨයක්

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 12:59

රාමඤ්ඤ මහා නිකාය අනුබද්ධිතව බුද්ධ ශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අනුබද්ධිතව බුද්ධශ්‍රාවක ත්‍රිපිටක ධර්ම පීඨයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබෙනවා.
මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමක් රාමඤ්ඤ නිකායේ නිකාය මූලස්ථානයේ දී සිදු කෙරුණා.
රාමඤ්ඤ නිකායේ මහා නායක මකුලෑවේ විමල මහනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්  පැවති මාධ්‍ය හමුවට නිකාය ආරක්ෂක සභාවේ සභාපති කරු ජයසූරිය, ලසන්ත අලගියවන්න යන මහත්වරු මහත්වරු ද එක් වුණා.
ත්‍රෛනිකායික මහාසංඝරත්නය  සඳහා ත්‍රිපිටකය හැදෑරීම සඳහා මෙම මධ්‍යස්ථානය ඉදි කිරීමට නියමිතයි.
මෙම අධ්‍යාපන පීඨය සඳහා මූලික වශයෙන් භික්ෂූන් වහන්සේලා පමණක් ආචාර්ය මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.
වැටුප් ගෙවීමකින් තොරව සුවෙච්චා ගුරුවරු ලෙසයි එම ස්වාමීන් වහන්සේලා ආචාර්යවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ.
මෙහිදී ත්‍රිපිටක පාඨමාලාවන් සංවිධානය කරුණු ලබන අතර වසර පහකින් සම්පූර්ණ වන විශේෂ උපාධි පාඨමාලාවන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම අධ්‍යාපන ආයතනය සම්පූර්ණයෙන්ම භික්ෂූන් වහන්සේලා සඳහා පමණක් වනු අතර වයස දාහතක් තිහත් අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ සඳහා බඳවා ගනු ලබනවා.
මෙම ත්‍රිපිටක ධර්ම පීඨය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක  මාහිමිපාණන් වහන්සේ ඇතුළු පාලක සභාවක් මගින් හා පීඨාධිපති දුරකින්ද පරිපාලනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ උඩුදුම්බර කාශ්‍යප මියන්ට 10ක දායෙකුගෙන් ලැබුණු දඹදෙණිය ප්‍රදේශයේ අක්කර දහයක 10 ක භූමි භාගයක්.
මෙම ත්‍රිපිටක ධර්ම ආයතනයෙන් ඉදිකිරීම සඳහා  පරිත්‍යාග ලෙස ලැබී තිබෙනවා.
එම භූමියේ භාරකාරීත්වය රාමඤ්ඤ මහා නිකායේ මහා නායක මකුලෑවේ විමල මහනාහිමිපාණන් වහන්සේ වෙත පූජා කිරීමද මෙහිදී සිදු කෙරුණා.
ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 12:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්