පිරිමි මීටර් 100 අවසන් තරඟයේ දෙවන ස්ථානය යුපුන්ට
Related Articles
ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකොන් ඉතාලියේ පැවැත්වෙන 12 වන ජාත්‍යන්තර සැවෝනා ජාත්‍යන්තර තරගාවලියේ පිරිමි මීටර් සියය අවසන් තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.
ඔහු වාර්තා කළ කාලය තත්ත්පර දහයයි දශම බිංදුවයි එකක්. ප්‍රථම ස්ථානයට පත් වුණේ තත්ත්පර නවයයි දශම නවයයි හතරකින් තරගය අවසන් කළ බ්‍රිතාන්‍යයේ රීස් ප්‍රෙස්කොඩ්.
3වන තැන අයිවරිකෝස්ට් රාජ්‍යයේ ආතර් සිසේ දිනා ගත් අතර ඔහුගේ කාලය තත්ත්පර දහයයි දශම බිංදුවයි තුනක්.
ඉන්දීය ප්‍රමියර්ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරගය ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 81 කින්.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි ක්‍රීඩකයන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි මුම්බායි කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 182 ක් රැස් කළා.
කැමරන් ග්‍රීන් ලකුණු 41 ක් හා සූර්ය කුමාර් යාදෙව් ලකුණු 33 ක් රැස් කර ගත්තා.
පන්දු යැවීමේදී මුම්බායි කණ්ඩායමේ නවීන් උල්හක් කඩුලු 4 ක් දවා ගත් අතර යාෂ් තාකූර් කඩුලු 3 ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායමේ කඩුලු සියල්ලම පන්දුවාර දහසයයි පන්දු තුනකදී දැවී ගියා.
ඔවුන්ට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 101 ක් පමණයි.
මාර්කස් ස්ටොයිනිස් ලකුණු 40 ක් ලබා ගත්තද සෙසු ක්‍රීඩකයන් ලකුණු අතරට නොපැමිණීමද පරාජයට හේතුවක් වුණා.
තරගයේ වීරයා මුම්බායි කණ්ඩායමේ ආකාෂ් මද්වාල්.