fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවමගුලකින් කෙලවරවූ මංගල ගමන

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 12:14

අවමගුලකින් කෙලවරවූ මංගල ගමන

මන්නාරම ප්‍රධාන පාලම මතදී ඊයේ  දින ත්‍රී රෝද රථයක් සහ ජිප් රථයක් ගැටීමෙන් එක්අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලැබූ බවට මන්නාරම පොලීසිය පවසනවා.

වව්නියාවේ සිට මන්නාරමට ධාවනය වූ ත්‍රී රෝද රථයක් සහ මන්නාරම සිට තල්ලඩි දෙසට ධාවනය වූ මහෙන්ද්‍ර වර්ගයේ ජිප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි අනාවරණය වන්නේ.

මන්නාරමේ පැවති මංගල උත්සවයක් සඳහා එකම පවුලේ 5 දෙනෙකු මෙලෙස ත්‍රී රෝදරථයකින් පැමිණ ඇති අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී ත්‍රී රෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස්  තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ මව පියා සහ අවුරුදු 4,6,9 යනවයස්වල ඔවුන්ගේ දරුවන් තිදෙනාද මන්නාරම රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

ජිප් රථයේ රියදුරුගේ අධික වේගය මෙම අනතුරුට හේතුව බව සැකපල කරන අතර අනතුර සමබන්ධයෙන් මන්නාරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්