ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නැයි ජනපතිගෙන් ජපානයට ඇරයුම්
Related Articles
ශ්‍රී ලංකාව රිසෙප් වෙළෙඳ කණ්ඩායමට සම්බන්ධවීම සඳහා අයදුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජපානයේ සංචාරයක නිරත ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකේයි ෆියුචර් ඔෆ් ඒෂියා සංසදයට සහභාගී වෙමිනුයි මේ බව සඳහා කළේ.
රිසෙප් නොහොත් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයේ වෙළද කණ්ඩායමේ සාමාජිකත්වය ලබාගැනීම හරහා ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදකාරී ආර්ථික තත්ත්වයෙන් යළි ගොඩඒම සඳහා සහයෝගය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසනවා.
ඉහළ මට්ටමේ ආර්ථික නිදහසක් සාක්ෂාත් කරගැනීම එහි අරමුණයි.
සංසදය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ ආසියාතික රටවල් බොහෝමයක් ඇමෙරිකාවෙන් හා චීනයෙන් එල්ල වන පීඩනයට ලක්ව සිටින බවයි.
බොහෝ රටවලට එම බලවතුන් අතරින් තෝරාගැනීමක් සිදු නොකළ හැක්කේ දැනටමත් තෝරාගැනීමක් සිදු කර ඇති බැවින් බව තවදුරටත් සඳහන් කළා.
ඉන්දු පැසිෆික් කලාපයේ බහු ස්ථර සම්බන්ධතායක් සඳහා කැපව සිටින බවයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ.
එමෙන්ම ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ සාමය හා නීතිරීති මත පදනම් වූ දැක්මට සහාය පල කරන බවත් එය පදනම් කරගනිමින් කලාපීය විස්ථීරණ ආර්ථික හවුල්කාරිත්වයේ වෙළෙඳ කණ්ඩායමේ සාමාජිකත්වයට අයදුම් කිරීමට තීරණය කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා සිටියා.
ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස මෙම සමූහය හැදින්වෙනවා.
ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හා ජන ගහනයෙන් 30% ක් පමණ ආවරණය වන පරිදි චීනය හා ජපානය ඇතුළු ආසියා පැසිෆික් රටවල් 15 ක් එහි සාමාජිකත්වය දරණවා.