fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 40කට පසුව මන්නාරම් තිරුකේදීස්වරන් කෝවිලට යාපනයෙන් ආ කොඩි චාරිත්‍රය

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 11:03

වසර 40කට පසුව මන්නාරම් තිරුකේදීස්වරන් කෝවිලට යාපනයෙන් ආ කොඩි චාරිත්‍රය

වසර 40 කට පසුව මන්නාරම තිරුකේදීස්වරන් ඓතිහාසක කෝවිලේ කොඩි එසවීමේ සඳහා යාපනයේ සිට කොඩි රැගෙන ඒමේ චාරිත්‍රය චාරිත්‍රානුකූලව පැවත්වුණා.

මන්නාරම තිරුකේදීස්වරන් කෝවිලේ වාර්ෂික දේව මංගල්ලය වෙනුවෙන් කොඩි එසවීම අද (25) සිදුකෙරෙන අතර ප්‍රධාන කොඩිය යාපනයේ සිට රැගෙන ඒම 1982 වසර දක්වා සිදුකොට තිබුණා.

කෙසේ වෙතත් පැවති යුදමය වාතාවරනයන් හේතුවෙන් කොඩි චාරිත්‍රය නැවතී තිබුනු අතර එම චාරිත්‍රය නැවතත් 2023 වසරේ සිට අඛණ්ඩව සිදුකිරීමට පියවර ගන්නා බවටද තිරුකේදීස්වරන් කෝවිලේ භාරකාර මණ්ඩලය පවසුවා.

යාපනයේ සිට රැගෙන එන කොඩිය පුරාණ සම්ප්‍රධායන්ට අනුව කරත්ත වලින් රැගෙනවිත් තිරුකේදීස්වරන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන්ට භාරදීම සිදුකරයි.

කොඩිය භාරදීමෙන් පසුව තිරුකේදීස්වරන් කෝවිලේ වාර්ෂික මංගල්ලය පැවත්වීම සඳහා පළමුව කොඩි එසවීමේ මංගල්ලය සිදුකෙරෙන අතර එහිදී යාපනයේ සිට රැගෙන ආ කොඩි ප්‍රධාන කොඩිය වශයෙන් එසවීම සිදුකරනු ලබයි.

මන්නාරම් කෝවිලේ පැවත්වෙන වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාතේ මෙන්ම දිවයිනේ විවිධ පළාත්වල බැතිමතුන් විශාල ප්‍රමාණයක් සහභාගී වීමද විශේෂත්වයකි.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2023 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්